ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබාගත් ඉහළම ජයග්‍රහණය වන 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගෙන අදට වසර 28 ක් .
1996 වසරේ මාර්තු මස 17 වනදා ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාවේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ විජයග්‍රාහී දිනයක් වුණා .
පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැති එම අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව සුදුසුකම් ලැබුවා
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග පළමුව පන්දු යැවීමට තීරණය කළේ සිය ජයග්‍රහණය පිළිබඳ ඉහළ විශ්වාසයක් තබාගනිමින් .
ශ්‍රී ලංකා ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 241ක් .