කම්කරු දිනය ආරම්භ වූයේ 1886 මැයි 04 වැනිදා අමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරු ජනතාව පැය අටේ වැඩමුරය ඉල්ලා දියත් කළ අරගලය හෙවත් ‘හේමාකට් අරගලය’ ලොව ප්‍රථම කම්කරු සටන ලෙස හැඳින්වෙනවා.
කම්කරු ජනතාවගේ මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ චිකාගෝ කර්මාන්ත ශාලා හිමියන් තම කර්මාන්ත ශාලාව වසා දැමීමට තීරණය කිරීම නිසා උණුසුම් තත්ත්වයත් ඇතිවූවා.
එම වර්ජනය මර්දනය කිරීමට පොලිසිය කළ වෙඩි තැබීමෙන් කම්කරුවන් 11ක් මරුමුවට පත්ව තවත් කම්කරුවන් 130ක් තුවාල ලැබුවා.
එමෙන්ම වැඩවර්ජනයට එක්වූ කම්කරුවන් 100ක් පමණ පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ඒ අනුව, ලන්ඩනයේ කම්කරුවෝ 1890 සිට මැයි දින සමරුව ආරම්භ කළා. මේ අතර, ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මෙරට පළමු මැයි දින සැමරුම් රැළිය කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ 1934 වසරේදීයි.