ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ”ලොකු පැටී” දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
ඩුබයි සිට පැමිණි ගුවන් යානයකින් එම සැකකරු අද උදෑසන 7.43ට පමණ මෙරටට රැගෙන ආ බවයි වාර්තා වුනේ.
”ලොකු පැටී” නැමැති සැකකරු පසුගිදා බෙලරූස් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.














