සිංගප්පූරුවේ ලී ක්වාන් යූ ජාතික විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ නියෝජිතයින් සහ අගමැතිනිය අතර සාකච්ඡාවක පවත්වා තිබෙනවා.්
රාජ්‍ය අංශයේ පරිපාලන හැකියාවන් සහ ධාරිතා සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය සඳහා මීපේ පිහිටා ඇති දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය සමග එක්ව කටයුතු කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත් බවයි අග්‍රාමාත්‍යවරිය එහිදී සදහන් කර ඇත්තේ.
ලී ක්වාන් යූ ජාතික විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධතා අධ්‍යක්ෂ කාර්ටිනි බින්ටේ අබ්දුල් රහ්මාන් මහත්මිය විසින් එම පාසලේ අරමුණ පැහැදිලි කර තිබෙනවා.
ආසියාව පුරා රාජ්‍ය අංශයේ නායකයින් පුහුණු කිරීමට දායකත්වය සැපයීම, ධාරිතා සංවර්ධනය සදහා එම පාසල කැපවී සිටින බවයි ඇය අවධාරණය කර ඇත්තේ.
තවද නායකත්වය, ධාරිතා සංවර්ධනය හා පර්යේෂණ අවස්ථා පවත්වාගෙන යාමට සුදුසු උසස් ජාත්‍යන්තර අධ්‍යයන පරිසරයක් ඇතිකිරීම සඳහා තම ආයතනය දක්වන එහිදී පෙන්වා දී තිබෙනවා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














