හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබෙනවා.
නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් ගොනුකළ පෞද්ගලික පැමිණිල්ලක් සළකා බැලූ අවස්ථාවේ දී කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.
ඒ අනුව ලබන මස 17 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා එම මහත්වරුන්ට සිතාසි නිකුත් කෙරුණා.
අමෙරිකානු ජාතිකයෙකු වන ඉමාඩ් සා සුබේරි නැමැත්තාට ශ්‍රී ලංකා මහබැංකුවට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් ගෙවීමට පියවර ගැනීමෙන් මහබැංකුවට අදාළ මුදල අහිමි වී ඇති බවට අදාළ පැමිණිල්ලෙන් සඳහන් කර තිබෙනවා.