ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 33ක ජයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත් වුණා.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 163ක් රැස් කළා.
එහිදී මාකස් ස්ටොයිනීස් පන්දු 43දී ලකුණු 58ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී උමේෂ් යාදව් සහ දර්ෂන් නල්කන්ඩේ කඩුළු 2 බැගින් බිඳ හෙළුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 130ක් පමණයි.
ඉනිමේ වැඩිම ලකුණු ලාබියා වූ රාහුල් තෙවාතියා පන්දු 25දී ලකුණු 30ක් රැස් කළා.
මෙහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ යෂ් ඨාකූර් ලකුණු 30ට කඩුළු 05ක් බිඳ හෙළීමට සමත් වුණා.
උණුසුම් පුවත්
- T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
- දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි
- අනුෂ පැල්පිට ඇපමත මුදාහරියි
- මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ FCID එන්න සති දෙකක් කල් ඉල්ලයි
- කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට
- විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
- ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි














