ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 33ක ජයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත් වුණා.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 163ක් රැස් කළා.
එහිදී මාකස් ස්ටොයිනීස් පන්දු 43දී ලකුණු 58ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී උමේෂ් යාදව් සහ දර්ෂන් නල්කන්ඩේ කඩුළු 2 බැගින් බිඳ හෙළුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 130ක් පමණයි.
ඉනිමේ වැඩිම ලකුණු ලාබියා වූ රාහුල් තෙවාතියා පන්දු 25දී ලකුණු 30ක් රැස් කළා.
මෙහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ යෂ් ඨාකූර් ලකුණු 30ට කඩුළු 05ක් බිඳ හෙළීමට සමත් වුණා.
උණුසුම් පුවත්
- වසරේ පළමු දින 8 තුල හැටදහස ඉක්මවූ සංචාරකින් සංඛ්‍යාවක් මෙරටට
- අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් සහ ජනාධිපති අතර හමුවක්
- ඉරානය සමග ගනුදෙනු කරන රටවල්වලට ට්‍රම්ප්ගෙන් තීරු බද්දක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මෙරටට
- මෙරට මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුව
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවක් ජීවිතක්ෂයට
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට










