ලංකා විදුලි සේවක සංගමය මගින් අද පොල්දූව වටරවුම ආශ්රිතව සංවිධානය කර ඇති විරෝධතාවයට එරෙහිව පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබා දී තිබෙනවා.
වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා කළ ඉල්ලීමකට අනුව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.
එම නියෝගයේ දැක්වෙන්නේ පොල්දූව වටරවුම ආශ්රිතව මහජනතාවට අවහිර වන ලෙස කිසිදු මාර්ගයක් හරස් කර විරෝධතා හෝ ප්රචණ්ඩ ක්රියා නොකිරීමට එමගින් නියෝග කර ඇති බවයි.