Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්

    2026-09-20

    හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි

    2026-09-20

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්
    • හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි
    • ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට
    • නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර
    • කොටහේන ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
    • ජනපති ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජන රැළි දෙකක්
    • කුඩා ගඟ සහ මගුර ගඟ අවට ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීම්
    • මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලංකා කම්කරු කොංග්‍රසයට අධිකරණයෙන් තහනම් නියෝගයක්

    ලංකා කම්කරු කොංග්‍රසයට අධිකරණයෙන් තහනම් නියෝගයක්

    රංජිත් රාජපක්ස - හැටන්
    2026-03-08කියවීමට මිනිත්තු 2ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කාන්තා දිනය නිමිත්තෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ කාන්තා සංවිධානය විසින් අද(08) දින උදෑසන දික්ඔය මූලික රෝහල ඉදිරිපිට හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ පැවැත්වීමට සූදානම්කර තිබූ උද්ඝෝෂණයක් නතර කිරීමට හැටන් මහේස්ත්‍රාත් අධිකරණය මගින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

    දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරය තුළ පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා තැන්පත් කර තිබූ කාන්තා මළ සිරුරක් එම රෝහලේ සේවකිය්න තිදෙනෙකු විසින් දූෂණය කළ බව කියන සිද්ධියට විරෝධ්‍ය පාමින් සහ ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කටයුතු අපක්ෂපාතීව කඩිනමින් සිදුකරන ලෙසට බලකරමින් ලංකා කම්කරු කොංග්‍රසය විසින් එම උද්ඝෝෂණය පැවැත්වීමට කටයුතු කර තිබුණා.

    නෝර්වුඩ් පොලිසිය මගින් හැටන් වැඩබලන මහේස්ත්‍රාත් නීතිඥ දමයන්ති ප්‍රනාන්දු මහත්මිය වෙත කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත් රෝහල් පාලන අධිකාරිය මගින්ද ත්‍රිපුද්ගල කමිටුවක් මගින් පරීක්ෂණයක් පැවැත්වෙන අතරතුර රෝහල ඉදිරිපිට උද්ඝෝෂණය කිරීම නිසා රෝහලේ වෛද්‍යවරුන්ට, රෝගීන්ට, රෝහල් කාර්ය මණ්ඩලයට සහ රෝහලේ දේපලවලට බලපෑමක් සහ අලාභ හානි සිදුවීමට ඉඩ ඇති නිසා මෙම තහනම් නියෝගය නිකුත් කරන ලෙසට නෝර්වුඩ් පොලිසිය මගින් මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලීමක් කර තිබුණා.

    එම ඉල්ලීම පිළිබඳ සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එම නියෝගය අද(08) දින නිකුත් කර තිබෙනවා.

    ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිප දෙනෙකුට එරෙහිව තහනම් නියෝගය ලබාගෙන තිබෙනවා.

    එම නියෝගය පොලිසිය මගින් කියවීමෙන් අනතුරුව එම උද්ඝෝෂණයට එක්ව සිටි පිරිස් කියා සිටියේ අධිකරණ නියෝගයට ගරු කර උද්ඝෝෂණය සිදු නොකරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශන කටයුතු සහ පරීක්ෂණ අපක්ෂපාතීව සිදුකරන ලෙසයි.

    එම ස්ථානයට පැමිණි හැටන් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතා කියා සිටියේ අධිකරණ නියෝගයට අනුව කටයුතු කරන ලෙසත් සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ අපක්ෂපාතීව පැවැත්වෙන බවයි.

    පෙර පුව​තදකුණු පළාතට සහ රත්නපුරට විශේෂ නිවේදනයක්
    ඊළඟ පුව​ත සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්

    හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර

    කොටහේන ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    ජනපති ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජන රැළි දෙකක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්

    2026-09-20

    හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි

    2026-09-20

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර

    2026-09-20
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group