මධ්‍යම පළාතේ සියලු රෝහල් කේන්ද්‍ර කරගනිමින් හෙට දිනයේ වර්ජනයක් සිදුකිරීමට සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් තීරණය කර තිබෙනවා.
ඒ, සෞඛ්‍ය වෘත්තිකයින්ට ලබාදෙන දීමනා වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්.
වෛද්‍යවරුන් සඳහා රුපියල් 35,000කින් ඉහළ දැමූ දීමනාව හෙවත් ඩැට් දීමනාව තමන්ට ලබා දෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් ඒකාබද්ධව අවස්ථා කිහිපයකදී වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරත වුණා.
එහි ආසන්නතම වර්ජනය ක්‍රියාත්මක කෙරුණේ උතුරුමැද පළාත කේන්ද්‍ර කරගනිමින්.