පොල්පිතිගම ප්‍රදේශයේ රෝගාතුරව සිටි ඇතාගේ ප්‍රතිකාර කටයුතු කඩිනම් කිරීමට පරිසර අමාත්‍යවරුන්ගේ උපදෙස් ලැබී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් පරිසර අමාත්‍යංශය පවසන්නේ රෝගාතුරව සිටින ඇතාගේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන් ඊයේ(04) දිනයේ අදාළ ස්ථානයට ගොස් ඇති බවයි.
එහිදී අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ නිකවැරටිය වනජීවි කලාපයේ පොල්පිතිගම ප්‍රදේශයේ දැනට රෝගාතුරුව සිටින ඇතාගේ ප්‍රතිකාර කඩිනම් කිරීම සහ ඇතාට අවශ්‍ය අනෙකුත් පහසුකම් සලසාදීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසයි.
වනජීවි සංරක්ෂන දොපර්තමේන්තුවේ ප්‍රධාන පශු වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, විවිධ පරිසර සංවිධාන, මහව පොලිස් ස්ථානයේ නිලධාරීන්, දේශපාලන අධිකාරිය ඇතුළු ප්‍රදේශවාසීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.
මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය කණ්ඩායමක් සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් ඇතාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙමින් සිටින බවයි පරිසර අමාත්‍යංශය පවසන්නේ.
ඒ අනුව රෝගීව සිටින ඇතාගේ රුධිර සාම්පල් සහ සෙම සාම්පල් ලබාගැනීම සිදු කර තිබෙනවා.
ඇතාගේ ස්කෑන් පරීක්ෂණයක සහ රුධිර සාම්පල් සහ අනෙකුත් වෛද්‍ය වාර්තා පදනම් කරගෙන ඉදිරි ප්‍රතිකාර කඩිනම් කරන ලෙසට අමාත්‍යවරයා එහිදී උපදෙස් ලබාදී තිබෙනවා.
එසේම නිරන්තරයෙන් ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වාර්තා කරන ලෙසත් ඒ අනුව ප්‍රතිකාර විධිමත් කරන ලෙසත් පරිසර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.