කුලී පදනම මත යතුරු පැදි ලබාගෙන එම යතුරු පැදි අලෙවි කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ බලංගොඩ පොලිසිය විසින් මෙම සැකකරු පැල්මඩුල්ල, සන්නස්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මාස කිහිපයකට කුලී පදනම මත යතුරු පැදි ලබාගන්නා සැකකරු එම යතුරු පැදියට අදාළ ලියාපදිංචි පොතද හිමිකරුවන්ගෙන් ඉල්ලාගෙන ගොස් ඇති බවයි මූළික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
පොලිසිය පවසන්නේ රත්නපු, බලංගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකින් සැකකරු මෙලෙස කුලී පදනම මත යතුරු පැදි ලබාගෙන ඇති බවයි.
සැකකරු අත්අඩංගුවට ගන්නා විට අලෙවිය සඳහා සූදානමින් කුලී මත ලබාගත් යතුරු පැදි හයක්ද සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.












