රුහුණු විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨය සතියක කාලයක් සදහා වසා දමා තිබෙනවා.
ඊයේ රාත්‍රියේ එම විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඇති වූ ගැටුමක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි එහි උපකුලපතිවරයා පැවසුවේ.
ඊයේ රාත්‍රියේ විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර ආශ්‍රිතව ඇති වූ ඝෝෂාකාරි ශබ්දයක් ගැන ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව තොරතුරු සොයා බැලීම සදහා එහි පාලකවරයා එම ස්ථානයට ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී සිසුන් පිරිසක් විසින් ඔහුගේ බිරිදට සහ මවට පහර දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
අදාළ පහර දීමෙන් තුවාල ලැබූ ඔවුන් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.