රුසියාවේ ඈත පෙරදිග පිහිටි කම්චැට්කාවට වසර 60කට පසුව ඇද හැලුණු විශාලතම හිම පතනය හේතුවෙන් මීටර් කිහිපයක් උස හිම කඳු නිර්මාණය වී ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසනවා.
ඉන් ගොඩනැගිලිවල ඇතුළු වන දොරටු අවහිර වී වාහන පවා හිමට යට වී ඇති බවයි එහි විදෙස් මාධ්‍ය සදහන් කලේ.
පසුගිය දෙසැම්බර් මාසයේ සිට එම ප්‍රදේශයට මීටර් පහකට වඩා වැඩි හිම පතනයක් ලැබී ඇති බවටද වාර්තා වනවා.
මේ හේතුවෙන් නිවෙස්වල ප්‍රධාන දොරටු වෙත යාමට එරට වැසියන්ට හිම අතරින් උමං හෑරීමටද සිදුව තිබෙනවා.
දෙසැම්බර් මාසයේදී මීටර් 3.7 ක හිම පතනයක් වාර්තා වූ අතර, ඉන් පසුව ජනවාරි මාසයේ පළමු සති දෙක තුළ පමණක් ඇතැම් ප්‍රදේශවලට මීටර් 2 කට වඩා වැඩි හිම ප්‍රමාණයක් පතිත වී ඇති බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කලේ.










