රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය සදහා ප්‍රහාරක ඩ්‍රෝන යානා 728 ක් භාවිතා කර ඇති බවයි.
යුක්‍රේන ජනාධිපති ව්ලොධැමියර් ස්ලෙන්සිකි ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමින් සදහන් කර ඇත්තේ දෙරට අතර සාම සාකච්ඡා සිදු වෙමින් පවතින අවස්ථාවක මෙසේ ප්‍රහාරයක් සිදු කිරීම නින්දා සහාගත වන බවයි.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් නිසැක වශයෙන්ම ප්‍රිතිචාර දක්වන බවද ඔහු සදහන් කර තිබෙනවා.
මේ අතර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාද ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඔහුද සදහන් කර ඇත්තේ මෙම ප්‍රහාරය තරයේ හෙළා දකින බවයි.
මේ අතර යුක්‍රේනය වෙත තව දුරටත් ආයුධ සැපයීම සදහාද තමන් යළිත් අවධානය යොමු කර ඇති බවයි එක්සත් ජනපද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.
උණුසුම් පුවත්
- හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
- ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
- සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
- සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
- බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- අද සවස 1න් පසු වැසි ලැබෙන පැති මෙන්න
- ඉතාලි රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අත්අඩංගුවට
- යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ














