මෙම සිකුරාදා දිනයේ රුසියානු ජනාධිපතිවරයා සමග ඇලස්කා ප්‍රාන්තයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාවලදී
දැනට රුසියාව විසින් අත්පත් කරගෙන තිබෙන යුක්රේනයට අයත්ව තිබූ භූමි භාගයෙන් යම් ප්‍රමාණයක්
නැවත එරටට ලබාදීමට උත්සාහ කරන බව ඇමරිකානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා
රුසියාව මේ වනවිට යුක්රේනයට අයත් විශාල භූමි භාගයක් අත්පත් කරගෙන සිටින බවත් එය යුක්රේනයට
අයත් ප්‍රධානතම භූමි භාගය බව පවසා තිබෙනවා.
මෙම සිකුරාදා ඇලස්කා ප්‍රාන්තයේ දී රුසියානු ජනාධිපතිවරයා සමග සාකච්ඡා ඇරඹීමෙන් පසු තමාට එම
සාකච්ඡාවල ප්‍රගතියක් ඇති කරගැනීමට හැකිවේදැයි දැනගත හැකි බවද ඔහු සඳහන් කර තිබෙනවා