ඉන්දියාවේ නාගපටුනම් වරායේ සිට කන්කසන්තුරයේ වරායට පැමිණි මගී නෞකාවක සිටි ඉන්දීය ජාතිකයෙකු විසින් රැගෙන ආ කුෂ් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන් පිරිසක් විසින් සිය භාරයට ගෙන තිබෙනවා
කිලෝ ග්‍රෑම් 4යි ග්‍රෑම් 12ක බරකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගය සැකකරු විසින් සිය ගමන්මළු තුළ සූක්ෂමව අසුරා රැගෙන විත් තිබුණා .
රේගු නිලදාරීන් පැවසුවේ සිය නිලදාරීන් භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 41.2ක් පමණ වන බවයි.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරු මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දීමටද පියවර ගෙන තිබෙනවා.