රුපියල ශක්තිමත් වීමේ වාසිය ක්‍රමයෙන් ජනතාවට ලැබෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ රුපියල ශක්තිමත්වීම මත ණය ආපසු ගෙවීමේ බර පහත යාම ද මෙහි දී වැදගත් වන බවයි.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසන්නේ විනිමය අනුපාත තීරණය කරනු ලබන්නේ වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම මත බව අවබෝධ කර ගැනීම වැදගත් බවයි.
2022 වසරේ දී නිල වශයෙන් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 360 දක්වා ඉහළ ගිය අතර, එය රුපියල් 450 -500 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝතකන ඉදිරිපත් වූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
එහෙත් අද වන විට එම අනුපාතය 300ක මට්ටමේ පවත්වාගෙන යාමට හැකිව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.