මෙරට රිළවුන් චීන සත්වෝද්‍යානවලට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
ඉන් අනතුරුව ඊට අදාළ කමිටුව කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ රිළවුන්, චීනයට ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යනයක් කිරීම සඳහා වනජීවී, අධිකරණ, වැවිලි සහ කෘෂිකර්ම යන අමාත්‍යාංශ 4ක නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් රජය විසින් පත් කර තිබුණා.
චීන නියෝජිත පිරිසක් මෙරට රිලවුන් චීන සත්වෝද්‍යාන වෙත ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුවයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ.
මෙහි පළමු පියවර ලෙස රිළවුන් ලක්ෂයක් චීනයට යැවීමට අපේක්ෂාවෙන් ඉදිරි කටයුතු සිදුකරන බවයි අමාත්‍යාංශයේ පසුගියදා පැවැති සාකච්ඡාවකදී අනාවරණය වුණේ.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් මතුවූ අතර පරිසරවේදීන් චෝදනා කළේ එය සිදුවන ආකාරය සම්බන්ධයෙන් තවමත් නිසි පැහැදිලි කිරීමක් සිදුකර නොමැති බවයි.
ඒ අනුව මෙරට රිළවුන් චීනයට අපනයනය කිරීමට පෙර විධිමත් සමීක්ෂණයක් සිදුකළ යුතු බවටයි පරිසරවේදීන් පෙන්වා දුන්නේ.
උණුසුම් පුවත්
- කළුතර සංවර්ධනය වෙනුවෙන් රුපියල් කෝටි 100 ක්
- අල්ලස් ගත් පොලිස් සැරයන්වරුන් දෙන්නෙක් මාට්ටු
- ශ්‍රී ලන්කන් අලුත් සගයා මංගල ගමන මාලේට යයි
- අතුල – සමිතා යුවළගේ දියණිය කවීගේ උපන්දිනයදා සමිතා තැබූ සංවේදී සටහන
- ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යැවීම තාවකාලිකව අත්හිටුවයි…
- කාලගුණ තත්ත්වය ගැන අලුත්ම නිවේදනය
- “බීමත්ව රිය පැද්දොත් ලක්ෂ 5 නැතිනම් අවුරුදු 2” පුවත ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක්
- මාලිමා රජය ඉන්ධන බලශක්ති මාෆියාවේ ගොදුරක් බවට පත්වී සූර්ය බලශක්තිය විනාශ කරන්න හදනවා