පුත්තලම, අඩපනාවිල්ලුව ප්‍රදේශයේදී රියැදුරු ඝාතනය කර, ත්‍රිරෝද රථයක් රැගෙන පළාගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, 16 හැවිරිදි පුත්තලම, තිල්අඩිය – රත්මල්යාය ප්‍රදේශයේ පදිංචිකරුවකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඊයේ දින උදෑසන පුත්තලම අඩපනාවිල්ලුව ප්‍රදේශයේ කාණුවක් තුළ පුද්ගල මළ සිරුරක් ඇති බවට ලද ඇමතුමක් මත පොලීසිය විසින් විමර්ෂණයක් ආරම්භ කර තිබුණා.
එහිදි අනාවරණය වි ඇත්තේ මෙලෙස ඝාතනය වී ඇත්තේ පසුගිය වැනි දින සිය ත්‍රීරෝද රථයෙන් කුලී ගමනක් සඳහා පිටත්ව ගිය අබ්දුල් ලතීෆ් නම් 75 හැවිරිදි අයෙකු බවයි.
එදින රාත්‍රි 9.30ට පමණ සිය නිවසට පැමිණ ඇති මෙම සැකකරු සමග මරණකරු අදාළ කුලී ගමන පිටත්ව ගොස් ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
අදාළ ත්‍රීරෝද රථය කොල්ලකෑම සඳහා රියදුරුගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් සැකකරු විසින් පහරදී රියදුරු ඝාතනය කර ඇති අතර පසුව ඔහුව දමා ත්‍රීරෝද රථය පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.
පසුව පුත්තලම මුල්ලෙයි නිවාස සංකීර්ණයේ දේවස්ථානයක් ආසන්නයේ සැකකරු විසින් ත්‍රීරෝද රථය අත්හැර දමා ගොස් ඇති අතර පොලීසිය විසින් රථය පොලිස් භාරයට ගෙන තිබුණා.
ඒ අනුව සිදුකළ විමර්ශනයේදී සිද්ධිය සම්බන්ධව සැකකරු පොලීසිය විසින් ඔහුගේ නිවසේ සිටියදී ඊයේ දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.












