මෙම වසරේ ගතවූ මාස හයක කාලය තුළ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා .
රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසන්නේ, මාර්ගයට නුසුදුසු රථවාහන සහ අවීනීත රියදුරන් හේතුවෙන් මාර්ග අනතුරු සිදුවන බවය.
ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. රිය අනතුරු හේතුවෙන් පසුගිය වසරේදී මියගිය පුද්ගලයින්ට අමතරව 7,152දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවත් ඔහු සඳහන් කළා.
වාහනවල සවිකර ඇති අනවශ්‍ය අමතර කොටස් ජූලි 1 වන දා සිට අනිවාර්යෛන්ම ඉවත් කිරීමට කටුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.