කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ හා ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.
අදාළ පුද්ගලයින් දෙදෙනා එම බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ට රහසිගත ලෙස ජංගම දුරකථන රැගෙනවිත් දී ඇති බවයි වාර්තා වන්නේ .
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ ජීවිතාන්තය දක්වා සිරඳඩුවමක් විඳින සිරකරුවකු සමග මෙම නිලධාරින් දෙදෙනා අනිසි සම්බන්ධතා පවත්වා ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇති බවයි.
දූෂණ ක්‍රියාවන්වලට සම්බන්ධ බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔවුන්ට විරුද්ධව නීති මගින් කටයුතු කර නඩු පැවරීමටද ඉදිරියේදී පියවර ගන්නා බවද ගාමිණී බී. දිසානායක මහතා පැවසුවා