ඩුබායි, ඕමාන් හා රුමේනියා යන රටවල රැකියා දෙන බව පවසා රුපියල් ලක්ෂ 41කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසනවා.
ලද පැමිණිලි මත කළ විමර්ශනවලින් පසු සැකකරු ඒකල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබෙනවා .
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 46 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි .
මේ අතර නීතිවිරෝධී ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පුද්ගලයින් රැගෙන එන අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවට එරට මානව සම්පත් අමාත්‍යවරයා තමන්ට සහතික වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ඉදිරියේ දී ශ්‍රී ලංකාවට එරට රැකියා අවස්ථා වැඩි ප්‍රමාණයක් ලබාදීමට ද බලාපොරොත්තු වන බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් අමාත්‍යවරයා පොරොන්දු වූ බවයි.