රට බංකොලොත් භාවයෙන් මුදාගැනීමෙන් පසුව රැකියා විරහිත තරුණ තරුණියන්ගේ රැකියා ගැටළුවලට විසදුම් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධාන කර තිබු යාපනය දිස්ත්‍රික් තරුණ සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
මෙහිදී යාපනය ප්‍රදේශයේ තරුණ , තරුණියන්ගේ ගැටළු සදහා ජනාධිපතිවරයා සෘජුව පිළිතුරු ලබා දුන්නා.
එමෙන්ම තරුණ , තරුණියන්ගේ කුසලතා විදහා දැක්වෙන සංස්කෘතිය ප්‍රසංගය නැරඹීමට ද ජනාධිපතිවරයා එක්වුණා.













