ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාජාංගන ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි තුනක් උසට විවෘත කර තිබෙනවා.
එයින් තත්පරයකට ජලය ඝණ අඩි 1750ක් කලා ඔයට මුදා හරිනු ඇති.
එබැවින් කලා ඔය ආශ්‍රිත පහත් බිම්වල පදිංචි අය අවධානයෙන් සිටිය යුතු බව රාජාංගන වාරි ඉංජිනේරුවරයා පවසනවා.