පවතින අධික වැසි හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කිරීමට පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව අඩි දෙක බැගින් වාන් දොරටු හතරක් විවෘත කර ඇති බවත් ඒ ඔස්සේ තත්පරයට ඝන අඩි 2224ක ජල කඳක් මුදා හැරෙන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.
එසේම අංගමුව ජලාහයේද වාන් දොරටු දෙකක් අඩිය බැගින් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
එයින්ද තත්පරයට ඝණ අඩි 640ක ජල ධාරිතාවක් මුදාහැරෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.












