රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යමින් ජනතාවට උසස් ජිවන තත්ත්වයක් උදාකර දීමේදී දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් ඒකාබද්ධ යාන්ත්‍රණයක කොටස්කරුවන් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින්.
එම යාන්ත්‍රණය තුල කිසිවෙකුටත් වෙන් වෙන්ව කටයුතු කළ නොහැකි බව ජනාධිපතිවරයා අවධාරණය කළා.
ජනතාව වෙනුවෙන් රජය ආරම්භ කළ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලුදෙනාගෙන් සහාය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා එහිදී වැඩි දුරටත් සදහන් කළා.
දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබදවද මෙම හමුවේදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා.
කෘෂිකර්ම, ධීවර, සෞඛ්‍ය, අධ්‍යාපන, ග්‍රාමීය මාර්ග, ඉඩම්, වාරිමාර්ග යන ක්ෂේත්‍රවල මතුව ඇති ගැටලු සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබදව මෙහිදී ජනපතිවරයාගේ අවධානය යොමු වුනා.
2025 අයවැයෙන් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන මට්ටමින් වෙන් කර ඇති ප්‍රතිපාදන සහ ඒ යටතේ මෙතෙක් ආරම්භ කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතියද එහිදී විමසා බැලුනා.
මෙම වසර අවසන් වීමට පෙර දකුණු පළාත සදහා මෙවර අයවැයෙන් වෙන් කර ඇති රුපියල් මිලියන 574 ක ප්‍රතිපාදන නිසි අයුරින් ජනතා අවශ්‍යතා වෙනුවෙන් නිසි පරිදි වැය කිරීම සදහා ජනපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා..
මහවැලි අධිකාරියට අයත් ඉඩම් නිරවුල් කිරීම ඇතුළු ඉඩම් ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වී ඇති බවයි වාර්තා වුනේ.
එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ විවිධ බලඅධිකාරින්ට සහ අයථා ගනුදෙනු සඳහා ඉඩම් ලබා දීම සිදු නොකළ යුතු බවයි.
එම ඉඩම් වඩාත් සුදුසු සහ ආර්ථික වශයෙන් ප්‍රතිඵලදායක කටයුතු සඳහාලබා දීමේ සංස්කෘතියක් රටට අවශ්‍ය බවද වැඩි දුරටත් අවධාරණය කර තිබෙනවා.
මේ අතර එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ නටඹුන් වූ රාජ්‍ය සේවය යළි ශක්තිමත් කිරීමට රජය සැලසුම් සකස් කර තිබෙන බවයි.
වසර 05කට පසු රාජ්‍ය සේවයට අලුතින් 30,000ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙන බව ජනපතිවරයා අවධාරණය කළා.
පුරවැසියන් තුළ සංස්කෘතික වෙනසක් ඇති කිරීමේ වැදගත්කමද මෙහිදී පැහැදිලි කිරීමකට ලක් කර තිබෙනවා.
එහිදී ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ එළැඹෙන සැප්තැම්බර් මාසය ඩිජිටල් සංස්කෘතියක් ඇති කිරීමේ මාසය ලෙස ප්‍රකාශයට පත් කරන බවයි.
උණුසුම් පුවත්
- චිකිත්සක සහ පුරෝකතන මූලිකාංගයක් වන ව්‍යාධි විශේෂඥ සේවාව අත්‍යවශ්‍ය ක්ෂේත්රයක්-නලින්ද ජයතිස්ස
- හැටන් දික්ඔය නගරාධිපති වැඩ භාරගනීයි – කැළිකසළ ඉවත් කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්
- අමාත්‍යංශ ලේකම්වරු හතර දෙනෙක්ට අනුමැතිය
- නිවෙස් හිමියාට පොළු පහරදී දේපළ කොල්ලකයි
- උසස් පෙළ විභාගයට සැරසෙන සිසුන්ට පණිවුඩයක්
- අහමදාබාද් ගුවන් අනතුරේ මූලික විමර්ශන වාර්තාව නිකුත් කිරීමට ඉන්දියාව සූදානමින්
- කොටස් වෙළදපොළ යළිත් වාර්තා අලුත් කරයි
- මෙරට නිශ්පාදන රැසක් ලබන වසරේ සිට බි්‍රතාන්‍යයේ තීරු බදු වලින් නිදහස්