මෙවර රාජ්‍ය වෙසක් සැමරුම සිදු කිරීමට සියලු කටයුතු සූදානම් බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව හෙට සිට සිට 16 වැනිදා දක්වා වෙසක් සතිය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මෙවර වෙසක් උලෙළේ තේමා පාඨය වන්නේ “කළණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු” යන්නයි.
මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය හෙට සිට නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී පැවැත්වෙනවා.
ඊට සමගාමීව වෙසක් සතිය තුළ දිවයිනේ සියලු විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් ආධ්‍යාත්මික සංවර්ධනයට මුල්තැන දෙමින් අර්ථවත් හා ඵලදායී වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා.
එමෙන්ම දිවයිනේ ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් තොරණ රැසක් ඉදි වෙමින් ඇති අතර, දන්සල් විශාල ප්‍රමාණයක් සංවිධානය කෙරෙමින් පවතිනවා.