රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක් හඳුන්වා දී තිබෙනවා.
ඒ රාජකාරි කටයුතු පහසු සහ කාර්යක්ෂම කිරීම සදහායි.
රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කර නව මාවතකට යොමු කිරීම වත්මන් රජයේ අරමුණ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා ආචාර්ය චන්දන අබේරත්න මහතා පවසනවා.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශයට ඩිජිටල් අත්සන හඳුනාදීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා.
රාජකාරී කටයුතු පහසුව සහ කාර්යක්ෂමව කිරීම සඳහා 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත අනුවයි මෙම ක්‍රියාවලිය ආරම්භ වී ඇත්තේ.
මේ අනුව ලිපි මඟින් කටයුතු කිරීමේදී ඇතිවෙන ප්‍රමාදයන් වළක්වා ගැනීමට ද හැකිවනු ඇති.