රාගම,බටුවත්ත,මිහිඳු මාවත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන ආමි උපුල් නැමැත්තාට මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. ආමි උපුල් නැමැත්තා, අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී වෙඩි තබා ඝාතනය කරන ලද පාතාල කල්ලි සාමාජිකයෙකු වන ගණේමුල්ල සංජීව ගේ සහචරයෙකු බවද පොලිසිය සිදු කළ මුලික විමර්ශනවලිදී අනාවරණ වී තිබෙනවා. මේ අතර ලුණුවිල ප්‍රදේශයේ තිබී පිරිමි පුද්ගල මළ සිරුරක් සොයා ගත් බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මිය ගිය පුද්ගලයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තොරතුරු අනාවරණ කරගෙන නොමැති බවයි. ලුණුවිල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා.
උණුසුම් පුවත්
- දෙහිවල වෙඩි තැබීමක්
- වතු නිවාසයක ගින්නක්
- රාජාංගනය සහ කන්තලේ වාන් දොරටු විවෘත කරයි
- බස් දෙකක් සහ ලොරියක් ගැටී අයෙක් මරුට – තවත් පිරිසක් රෝහලට
- වැලිසරට අලුතින් ලැබෙන්න යන දේ
- උඩින් ආ සී ප්ලේන් එක කෑලි ගලවා කොළඹ යාමට සැරසෙයි
- ගැඹුරු පීඩන අවපාතය මඩකලපුවට කිලෝමීටර් 150ක් දුරින්
- ගැඹුර පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 170ක් නැගෙනහිරින්













