රා ඇතුළු කිතුල්, තල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන දේශීයව නිෂ්පාදනය කිරීම හා අපනයනය සම්බන්ධයෙන් පැවති බාධා ඉවත් කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් උපදෙස් දෙන ලදි.
දීර්ඝ කාලයක සිට රා ඇතුළු කිතුල්, තල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන දේශීයව නිෂ්පාදනය කිරීමට, බෙදාහැරීමට හා අපනයනය කිරීමට ගැටලු පැවති බවත් මෙය නිරාකරණය කිරීම මගින් විශාල ආදායමක් රජයට ලබාගත හැකි බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් මින් පෙර පැවති කමිටු රැස්වීමේදීද පෙන්වා දෙන ලදි.
මේ අනුව මේ සම්බන්ධයෙන් පැවති ගැටළු සාකච්ඡා කර ඒවා විසදීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ රාජ්‍ය ආයතන කැඳවා තිබුණි.
එහි දී මෙම දෙපාර්තමේන්තු සමඟ සාකච්ඡා කොට මේ සම්බන්ධයෙන් පැවති බාධා ඉවත් කිරීමට එකඟ වන ලදි.
මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (04) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දීය.











