ධීවර රැකියාව සඳහා ගොස් යළි ගොඩබිමට පැමිණෙමින් සිටි ධීවර යාත්‍රාවක් පෙරළී අයෙක් අතුරුදන්ව තවත් අයෙක් මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ දික්වැල්ල, සුදුවැල්ල ධීවර වරායෙන් රැකියාව සඳහා මුහුදු ගිය බෝට්ටුවක් රැකියාව නිමවා යළි ගොඩබිම දෙසට පැමිණෙීමදේ රළ පහරකට හසු වීමෙන් ධීවරයන් ගමන් ගත් බෝට්ටුව පෙරළී ඇති බවයි.
අනතුරෙන් එක් ධීවරයෙක් අතුරුදන්ව ඇති බවත් අනෙක් ධීවරයන් දෙදෙනා වෙනත් ධීවර බෝට්ටුවකින් ගොඩබිමට රැගෙනවිත් මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කෙසේ වෙතත් රෝහල් ගත කරන ලද එක් ධීවරයෙක් රෝහලේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස මියගොස් ඇති ධීවරයා වයස අවුරුදු 40ක් පමණ වන අයෙකු බවත් අතුරුදන්ව ඇති ධීවරයා වයස අවුරුදු 45ක් පමණ වන පුද්ගලයෙකු බවත් ඔවුන් කටුගහවත්ත, කොට්ටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය පවසනවා.
අතුරුදන් වූ ධීවරයා සොයා දික්වැල්ල පොලිසිය තවදුරටත් මෙහෙයුම් සිදු කරනු ලබනවා.