මිද්දෙණිය, පල්ලෙ ජුලම්පිටිය ප්‍රදේශයේදී රඹුටන් ගෙඩියක ඇටයක් සිරවීමෙන් පස් හැවිරිදි කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ දිනයේදී මෙම සිද්ධිය සිදුව ඇති බව සඳහන්. දරුවා වලස්මුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.