හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුව බලා ඊයේ(15) පිටත්ව ගොස් තිබෙනවා.
ලබන බදාදා (18) දිනයේ ලබාගැනීමට නියමිත වෛද්‍ය ප්‍රතිකාර කටයුත්තක් සඳහා ඔහු මෙලෙස සිංගප්පූරුව බලා ගොස් ඇති බවටද වාර්තා වනවා.
වික්‍රමසිංහ මහතාට සමීප ආරංචි මාර්ග පවසන්නේ අදාළ වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාරවලින් පසුව ඔහු සති දෙක්ක හෝ තුනක් රෝහල් ගතව විවේකයෙන් සිටිනු ඇති බවයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ දින තුනක් පමණ මෙරට පෞද්ගලික රෝහලකදී ද වෛද්‍ය පරීක්ෂණයකට මුහුණදී තිබෙනවා.














