පසුගිය සති කිහිපයකට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් ලක්ෂ තුනේ සීමාවට වඩා පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් දෙලක්ෂ 98,000ක් ලෙස දැක්වුණා.
මෙරට රන් මිල පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා දිනට සාපේක්ෂව රුපියල් 81,000කින් පහළ ගොස් තිබෙනවා.
පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා කැරට් 22 රන් පවුමක මිල රුපියල් තුන්ලක්ෂ 79,200ක් ලෙස දැක්වුණා .
මේ අතර එදින රුපියල් හාරලක්ෂ 10,000ක් ලෙස පැවති ”කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රුපියල් තුන්ලක්ෂ 22,000ක් දක්වා පහළ ගොස් ඇති බවයි කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
උණුසුම් පුවත්
- ලොරි යතුරුපැදි අනතුරෙන් යතුරුපැදිකරුට බරපතලයි
- මහවත්තේදී ගේමක් දෙන්න සෙට් කළ දෙදෙනෙක් අල්ලයි
- එළුවා බේරාගැනීමට ගිය දරුවාට වූ දේ
- සතුන්ට ඇද්ද උගුලට තමන්ම කොටු වෙයි
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මාළු ලොරියක ගැටුණු තරුණයාට අත්වූ ඉරණම
- අනුරපුර නිවසක ගින්නට හසු වූ තවත් දරුවෙක් මරුට
- මොනරාගලින් අඹේවෙලට ආ ලොරිය මහ මග පෙරළෙයි













