පසුගිය කාල සීමාවට සාපේක්ෂව මේ වන විට රන් මිල පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව පසුගිය සති තුන තුළ දේශීය රන් මිල රුපියල් 20,000 කින් පමණ පහත වැටී ඇති බවයි වෙළෙඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.
රන් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වන්නේ පසුගිය අප්‍රේල් 2 වන දින එක්සත් ජනපදය සියලුම වෙළඳ හවුල්කරුවන්ට පැනවූ තීරුබදුයි බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.