Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රන් ජාවාරමේ අලුත්ම ක්‍රමේ – 30 හැවිරිදි කත කොටු (PHOTOs)

    රන් ජාවාරමේ අලුත්ම ක්‍රමේ – 30 හැවිරිදි කත කොටු (PHOTOs)

    2023-01-14කියවීමට මිනිත්තු 2ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නීතිවිරෝධී ලෙස රත්තරන් ශ්‍රී ලංකාවට ගෙන එන නවතම ක්‍රමයක් ලෙස සකස් කළ ක්‍රෙඩිට් කාඩ් පත් ( ණය පත් ) ( Credit Card) උපයෝගී කර ගනිමින් රුපියල් එකොළොස් කෝටි පහළොස් ලක්ෂ පනස් දහසක් වටිනා කැරට් 24 රත්තරන් තොගයක් සොයා ගනු ලැබුවා.

    ඒ කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී.

    රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පැවසුවේ මෙරට ගුවන් මගී කාන්තාවක සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ද දැනුම් දුන්නේ විවිධ වානිජ බැංකු විසින් නිකුත් කල ක්‍රෙඩිට් කාඩ් ලෙස බැලූ බැල්මට හැගී යන ආකාරයටම මේවා සකස් කර ඇති බවයි.

    මේ ආකාරයට රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ පළමු අවස්ථාව මෙයයි.

    මේ ආකාරයේ නීතිවිරෝධී රත්තරන් ජාවාරම් මැඩලීමට – .කැරට් 24 රත්තරන් වලින් සකස් කරන ලද ස්වර්ණාභරණ ශ්‍රී ලංකාවට ගෙන ඒම තහනම් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් ද නිකුත් කළා.

    මෙම රත්තරන් තොගය නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි නිතර නිතර ගුවන් ගමන් වල යෙදෙන කාන්තාවක්.

    ඇය ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

    සැකකාරිය මුලින්ම ඩුබායි සිට ඉන්දියාවේ චෙන්නායි වෙත පැමිණ, එතැන් සිට ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණේ රේගු නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමටයි.

    ඇය මේ වනවිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හරහා ඩුබායි වෙත ගුවන් ගමන් 04 වරක් පමණ සිදු කර ඇති බව ඇයගේ ගුවන් ගමන් බලපත්‍රයේ සඳහන්.

    ගමන් මල්ලේ කිලෝ ග්රැම් 06 යි ග්රැම් 500 ක් බරැති මේ ආකාරයට කැරට් 24 රත්තරන් වලින් සකස් කළ ක්‍රෙඩිට් කාඩ් පත් 27 ක් ද , මාළ , වළලු සහ මුදු තොගයක් ද සගවා ගෙන තිබූ බවයි රේගු ආදායම් අධීක්ෂණ අංශය පවසන්නේ.

    ආශ්‍රීත පුවත්:  භූතානයේ ඉහළම පුරවැසි සම්මානය මෝදිට

    ඒවායේ වටිනාකම රුපියල් එකොළොස් කෝටි පහළොස් ලක්ෂ පනස් දහසක්.

    මීට අමතරව මෙම ගමන් මල්ලේ කළු පැහැති සෙලෝ ටේප් වලින් ඔතන ලද කිලෝ ග්රැම් 02 ග්රැම් 200 ක් බරැති රත්තරන් ජෙල් (Gold Gel ) තොගයක් ද තිබී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

    මෙම අත් අඩංගුවට ගැනීම සදහා ඉන්දියාවේ ආදායම් බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් වෙත තොරතුරු සපයා දෙනු ලැබුවා.

    ( කටුනායක ටී.කේ.ජී.කපිල )

     

    BIA Chennai credi card gold India jel Katunayake
    පෙර පුව​තමේ මැතිවරණයක් නොවෙයි – ජාතියේ දෙවන නිදහස දිනාගැනීමයි
    ඊළඟ පුව​ත උසස් පෙළ විභාග කාලසීමාමේ දෛනික විදුලි කප්පාදුවක් නැහැ

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group