පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට යුද හමුදාව ලවා වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
මෙම නඩුව විභාගය පසුගිය 27 වැනිදා අවසන් වූ අතර, එය විභාග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීරණය අනුවයි අද දිනයේදී තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතව ඇත්තේ.
2013 අගෝස්තු පළමු වැනිදා යුද හමුදාව කළ වෙඩි තැබීමෙන් සහ පහරදීමෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මරණයට පත්වූ අතර 50කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලැබුවා.
රතුපස්වල වෙඩි තැබීමේ සිදු වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහත්වරුන්ගේ මෙහෙයවීම මත විමර්ශන සිදු කර හමුදා බි්‍රගේඩියර්වරයකු ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කරනු ලැබුවේ.
එම සිව්දෙනාට එරෙහිව ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමෙන් පසු නීතිපතිවරයාගේ ඉල්ලීම මත අගවිනිසුරුවරයා නඩුව විභාග කිරීම සදහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබුණා.
උණුසුම් පුවත්
- නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
- ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
- විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට
- ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට
- ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට
- ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය
- කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්












