රට ආර්ථික අර්බුදයට පෙර පැවති තත්ත්වයට මීළඟ වසර දෙක තුළ යළි පත්වනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
විදෙස් මාධ්‍ය සමග සිදු කල සම්මුඛ සාකච්ඡාවකදීයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව සංවිධාන කළ ඉන්වෙස්ට් ශ්‍රී ලංකා ආයෝජක සමුළුව පසුගියදා සිංගප්පූරුවේදී පවත්වනු ලැබුවා.
ඒ සදහා සහභාගී වී සිටියදීයි මහ බැංකු අධිපතිවරයා මෙම සම්මුඛ සාකච්ඡාවවට එක්ව ඇත්තේ.