දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
උතුරු, උතුරුමැද, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවැතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මේ අතර ඉදිරි පැය 24ට අදාළව දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහාද කාලගුණ අනාවැකිය නිකුත් කර තිබෙනවා.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවත් සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන බවත් එහි සඳහන්.
එසේම සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20ක් 30ක් පමණ විය හැකි බවයි එහි දැක්වෙන්නේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.














