Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මැයි 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රජයේ දුර්වලතාවය නිසා මිනිමරුවන්ට මංකොල්ලකරුවන්ට අපරාධ කරන්න දොරටු ඇරිලා

    රජයේ දුර්වලතාවය නිසා මිනිමරුවන්ට මංකොල්ලකරුවන්ට අපරාධ කරන්න දොරටු ඇරිලා

    2025-10-26කියවීමට මිනිත්තු 3ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රජයක ප්‍රතිපත්තිය විය යුත්තේ මිනිසා ජීවත් කරවීම වුවත් අද වන විට රටේ ක්‍රියාත්මක වන්නේ මිනිමරු ඝාතන සංස්කෘතියක් බවත් මේ වසර තුළ පමණක් විශාල වෙඩි තැබීම් ප්‍රමාණයක් නිසා ජිවිත හානි හා තුවාල වීම් සිදුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

    එසේම පළාත් පාලන ආයතනවල සභාපතිවරු පවා ඝාතනය වී ඇති බවත් මේ ඝාතන සිදුවන්නේ මහජන දිනයේ දී බවත් මහජන දිනයක් පවත්වන්නේ ජනතාවට සේවය කිරිමට වුවත් අද ජන සමාජයේ ඇත්තේ මිනිමරු ඝාතන රැල්ලක් සහ මිලේච්ඡත්වයක් බවත් මේවා මැඩපවත්වන්න රජයට නිසි වැඩපිළිවෙළක් නොමැති බවත් රජයේ දුර්වලතාවය නිසා මැරකමට මිනිමරුවන්ට මංකොල්ලකරුවන්ට මේ අපරාධ කරන්න දොරටු විවෘත කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පවසනවා.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන ආසනයේ ගල්පාය කොට්ටාසයේ ගල්පාය ප්‍රජාශාලාවේදී ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවය හා සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන හා එක්වෙමිනි.

    සමගි ජන බලවේගයේ සභාපතිවරයකු මහජන දිනයේදි ඝාතනය කළ බවත් මේ ඝාතනයට පෙර ලිපි මගින් පොලිස්පතිවරයාට සිය ආරක්ෂාව අනතුරේ බව සඳහන් කරමින් දැනුවත් වීම් කළත් පොලිසිය කිසිදු ආරක්ෂාවක් නොදුන් බවත් අද වන විට ජන සමාජයේ කොතැන වෙඩි පිට වෙඩි වැදෙයි ද කියා සිතාගත නොහැකි බවත් මේ අවිනිශ්චිතතාව තුළ අනාරක්ෂිතභාවය තුළ ජන ජිවිත අනතුරේ බවත් විපක්ෂ නායකවරයා කියා සිටියා.

    අපරාධ නැති කරන්න ඕනි නීති හදන්න අපිත් සහයෝගය දෙන්නම්

    මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් මෙන්න මිනිමරුවන්ද අල්ලා මර්ධනය කළ යුතු බවත් ඔවුන්ට නීතිය තුළ දිය හැකි උපරිම දඩුවම් ලබා දෙන්න සහයෝගය දෙන බවත් මේ මිනිමරු සංස්කෘතිය පෙරට දාගෙන විපක්ෂය දඩයම් කරනවා නම් එයට ඉඩ දිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියා.

    අද රට තුළ ප්‍රජාතන්ත්‍රවාදයවත් සාමයවත් නොමැති බවත් මේ රට විනාශ කරන කුඩුකාරයන් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් විනාශ කරන්න යුක්තිය සාධාරණත්වය නීතිය හා සාමය ආරක්ෂා කරන්න ඉහළ දායකත්වය ලබාදෙනවා සේම මහජන නියෝජිතයන්ට ජනතාව වෙනුවෙන් සේවාව කරන්න නිසි රැකවරණය හා ආරක්ෂාව ලබා දීමත් ලක්ෂ 220ක් ජනතාවගේ ජන ජීවිත සුරක්ෂිත කිරීමටත් කටයුතු කරන ලෙස රජයට කියා සිටින බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

    තුනෙන් දෙකයි ජනාධිපතිකමයි තියන් මාලිමාව මොනවද ජනතාවට කළේ?

    ජනාධිපතිවරණය දිනා, මහමැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් හා පළාත් පාලන මැතිවරණයෙන් ද ජය ගත් බවත් මෙවර පළාත් සභා මැතිවරණයට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පවා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඡන්දයට ඉදිරිපත් වීමට සූදානම් බවත් රටේ සිදුවන දේ ජනතාව දන්නා නිසා දැන්වත් එක් එක් මායාවන්ට රැවටෙන යුගය අවසන් කරන ලෙසත් මෑත කාලයේ ජය ගත්තේ සෝබනය, විජ්ජාව, මවාපෑම්, රඟපෑම්, බොරුව මුසාව මුලාව බවත් එම නිසා තවදුරටත් මේවාට නොරැවටී සිටින ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    අද ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරු කවුද කියා ජනතාව දන්නේ නැහැ

    ආණ්ඩුවේ මන්ත්‍රිවරු අද මහජන දින නොපවත්වන බවත් සමහර පළාත්වල ජනතාව ආණ්ඩුවේ මන්ත්‍රීවරු කවුද කියා හඳුනන්නේ නැති බවත් අද දිනපු මාලිමාව ජනතාවගේ ගැටලු සොයා බලන්නේ නැති නිසා විපක්ෂ නායකවරයාට එම ප්‍රශ්න සොයන්න සිදුව ඇති බවත් මේ ගැටලු පාර්ලිමේන්තු පවා ඉදිරිපත් කරන්නේ විපක්ෂ නායකවරයා බවත් තමා ළග මඩ ගහන චරිත ඝාතන දේශපාලනය නැති බවත් මේ ප්‍රශ්නවලට රජයෙන් උත්තර විසදුම් නොලැබෙන බවත් මේව ගැන මාධ්‍යවල පවා ප්‍රවෘත්ති පළ නොවෙන බවත් මඩ දේශපාලනයට නම් මාධ්‍ය තුළ පවා අවධානය ලැබෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

    එදා මැතිවරණ වේදිකාවේ තමා රු. 5000ට පොහොර මිටිය ලබා දෙනවා කිව්වත් වත්මන් රජය වී ගොවිතැනට හෙක්ටයාරයට රු. 25000 බැගින් උපරිම හෙක්ටයාර් දෙකකට පොහොර සහනාධාරය දෙනවා කියූ නිසා ගොවි ජනතාව පවා එයට රැවටි වත්මන් රජයට ඡන්දය දුන් බවත් අද වන විට මේ පොහොර මුදල්වත් හරියට නොලැබෙන බවත් පොහොරවල ගුණාත්මකභාවය පවා නොමැති බවත් යන්ත්‍ර සූත්‍ර ගොවි උපකරණවල මිල පවා වැඩි බවත් ඊට අමතරව වන අලි වන සතුන් නිසා වගා හානි දේපල හානි ජිවිත හානි පවා සිදුවන බවත් මේ ගැටලු මැද වගා කටයුතු කළත් පහළ මිලකට අස්වැන්න විකුණා දැමිමට සිදුවන බවත් විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියා.

    දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14,021ක් කුඩා ගම්මාන 50,964ක් ඇතුළු සමස්ත රටම ආවරණය කරමින් සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මොරටුමුල්ලෙන් ආරම්භ කෙරුණා.

    පෙර පුව​තඅද දවසේ කාලගුණ තත්ත්වය
    ඊළඟ පුව​ත රෝහල්ගතව සිටි ජනප්‍රිය රංගන ශිල්පිනිය අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group