වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් අද නිවේදනය කලා
වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීම සඳහා අද විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබූ අතර ඒ සඳහා කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න යන මහත්වරුන් එක්ව සිටියා
ඒ අනුව වී අලෙවි මන්ඩලය විසින් නාඩු කිලෝවක් රුපියල් 120.ටත් සම්බා කිලෝවක් රුපියල් 125ටත්
කීරි සම්බා කිලෝවක් රුපියල් 132ට මිලදී ගන්නා බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කලා