ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ආපදා කමිටු සහ ප්‍රාදේශීය ආපදා කමිටු හරහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් දැනටමත් සකස් කර ඇති බැවින් එම යාන්ත්‍රණය භාවිතා කරන ලෙසත් ජාවාරම්කරුවන්ට නොරැවෙටෙන ලෙසත් රජය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පීඩාවට පත්ව සිටින ජනතාවට ආධාර බෙදාදීමට යෑමේදී වංචනික පිරිස්වලට හසුනොවී දිස්ත්‍රික් ලේකම් කාර්යාල හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා පරිත්‍යාග බෙදාහැරීමට අවස්ථාව සලසා ගන්නා ලෙස රජය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරනවා.
එසේ නොමැතිනම් වගකීමක් සහිත ආයතන මඟින් එකතු කරන ස්ථානවලට පරිත්‍යාගශීලීන්ගේ ආධාර ලබාදෙන ලෙස ද රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
සහන සැලසීමේ ක්‍රියාවලියට විවිධ පරිත්‍යාගශීලීන් උනන්දුවෙන් ක්‍රියාත්මක වෙමින් පවතින අතර එය රජයට විශාල ශක්තියක් වී තිබෙනවා.
මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන වෙනත් ආකාරයේ ද්‍රව්‍ය එකතු කරන කණ්ඩායම් ගැන තොරතුරු ලැබී ඇති බැවින් පරිත්‍යාගශීලීන්ගේ ආධාර දිස්ත්‍රික් ලේකම් කාර්යාල හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලබාදීම තුළින් නුසුදුසු අය අතට ආධාර ගලා යාම හා ව්‍යාජ ලෙස සම්පත් ලබාගැනීමට ඉඩ අවහිර කිරීමට හැකි බව ද රජය පෙන්වා දෙනවා.










