යුරෝපය සහ චීනය අතර පවතින අර්බුදය යුක්රේන යුද්ධය පදනම් කර ගනිමින් තවත් තීව්ර වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව යුරෝපා සංගමයේ සම්බාධක මග හැරීමට රුසියාවට උදව් කළ නිසා තවත් චීන සමාගම් කිහිපයක් අසාදු ලේඛනයකට ඇතුළත් කිරීමේ සැලසුමක් පිළිබඳව චීන රාජ්‍ය තාන්ත්‍රිකයින්ට දැනුම් දීමට යුරෝපීය සංගමයේ නිලධාරීන් සූදානම් බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
රුසියාවට විකිණීමට අවසර නොලබන යුරෝපීය නිෂ්පාදිත භාණ්ඩ මිල දී ගෙන රුසියානු හමුදා ගැනුම්කරුවන්ට අපනයනය කිරීම සම්බන්ධයෙන් චීන සමාගම්වලට යුරෝපයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.