රුසියාව යුක්රේනයට කළු මුහුද හරහා ධාන්‍ය අපනයනයට යළි අවසර ලබා නොදුනහොත් ලොව පුරා ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවනවා.
ලබන 18 වනදායින් පසු කළු මුහුද හරහා යුක්රේනයට ධාන්‍ය අපනයනයට අවසර ලබාදී තිබූ ගිවිසුමේ කාලය අවසන් වීමට නියමිතයි.
කළු මුහුද හරහා යුක්රේන ධාන්‍ය අපනයනයට අවසර ලබාදෙන ලෙස රුසියාවෙන් ජගත් සංවිධානය මීට පෙරද ඉල්ලා තිබුණා.