යුක්රේනය සහ රුසියාව දෙරටේ යුද සිරකරුවන් 390 දෙනෙකු ඊයේ හුවමාරු කරගෙන තිබෙනවා.
සිරකරුවන් දහසක් හුවමාරු කරගැනීමේ වැඩසටහන යටතේයි මෙම හුවමාරුව සිදු කර ඇත්තේ.
දෙපාර්ශවයේ නියෝජිතයින් අතර තුර්කියේ ස්ථාන්බුල් නුවර පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි මෙම යුධ සිරකරුවන් හුවමාරු කරගැනීමේ එකගතාවයට පැමිණ තිබුණේ.
ඒ අනුව අනෙක් සිරකරුවන් අද සහ හෙට නිදහස් කිරීමට නියමිතයි.