රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා.
රුසියාව සටන් විරාමයකට එකග නොවීම තුලින් යුධ ගැටුම් වර්ධනය කිරීම සදහා කටයුතු කරමින් සිටින බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.
සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් යුක්‍රේන ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් තමන් රුසියානු ජනාධිපති පුටින්ගෙන් සිදු කරන ඉල්ලීම් පවා ප්‍රතික්ශේප කර ඇති බවද එම සටහනේ වැඩි දුරටත් දක්වා තිබුණා.