යුක්තිය මෙහෙයුමේ දී තවත් 955 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ඉන් 39 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 31 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.
එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශයේ ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි 51 දෙනෙකු ඊයේ අලුයම සිට අද අලුයම දක්වා සිදුකළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම මෙහෙයුමේදී අයිස් සහ මාවා කිලෝ තුනකට අධික ප්‍රමාණයක්, හෙරොයින් සහ මත්පෙති 1403 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.













