ගත වූ පැය 24 ක කාලය තුළ “යුක්තිය මෙහෙයුමෙන්” පුද්ගලයන් 2121 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
එහිදි පිරිමි පුද්ගලයන් 2020 සහ කාන්තාවන් 101 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහිදි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 116 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය වැටලීමේ අරමුණින් “යුක්තිය මෙහෙයුම” ක්‍රියාත්මක වනවා.