අධික වර්ෂාවත් සමග පිවිසුම් මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් යාල වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුම වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව තිස්සමහාරාම පලටුපාන යාල ප්‍රධාන පිවිසුම නැවත දැනුම්දෙන තුරු මෙලෙස වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
කෙසේවෙතත් යාල වනෝද්‍යානය සඳහා කටගමුව පිවිසුමෙන් සංචාරකයින්ට පිවිසිය හැකියි.
අධික වැසි සහිත කාලගුණය සමග මැණික් ගඟ පිටාර ගැලීම හේතුවෙන් සංචාරක නිවාස 6ක් ජලයෙන් යටවී තිබෙනවා.
මේ අතර උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල අද දිනයේද වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .