යාපනය, වඩුක්කෝඩෙයිහි පදිංචි දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඊයේ පස්වරුවේ දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා. මේ අනුව පොලීසිය එම ස්ථානයට පැමිණෙන අවස්ථාවේදී එක් පාර්ශවයක් අනෙක් පාර්ශවයට අයත් යතුරුපැදියක් ගිනි තබා තිබු බවයි සඳහන් වන්නේ. එහිදී පොලීසියටද ගල් – මුල් ප්‍රහාරයක් එල්ල වූ අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය අහසට වෙඩි තබා තිබෙනවා. කාලයක් මුළුල්ලේ එම ගම්මානයේ දෙපිරිසක් අතර පවතින ආරවුලක් යළිත් මෙලෙස ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බවයි පොලීසිය සිදු කළ මුලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













